විග්නේෂ්වරන්ගේ රහස් සාකච්ඡාව

Sunday, 10 January 2016 - 15:33

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A++%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් -  මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් පියතුමන් සමග රහසිගත සාකච්ඡාවක් ඊයේ (09) රාත්‍රියේ පවත්වා තිබෙනවා.

මන්නාරම රදගුරු නිවසේදී පැවැතිඑම හමුවෙිදි දෙමළ මහජන කමිටුව සම්බන්ධයෙන්  එහිදී අවධානය යොමුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාව ආවරණය කිරීමට මාධ්‍යයට ද අවස්ථාව ලබාදී නැහැ.

කෙසේ වෙතත්, සාකච්ඡාව නිම වී ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේදී මාධ්‍යවේදීන් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසා තිබෙනවා.

එහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සඳහන් කළේ අසනීප තත්ත්වයෙන් පසුවන රදගුරු හිමිපාණන්ගේ සුව දුක් විමසීම සඳහා තමන් පැමිණි බවයි.

නමුත් තමන් එම අවස්ථාවේදී නව දෙමළ ජනතා සභාව පිළිබදව ද රදගුරු හිමිපාණන්ට දැනුම් දුන් බවයි ප්‍රධාන අමාත්‍යවරයා එහිදී සදහන් කළේ.

දෙමළ මහජන කමිටුව ස්ථාපිත කෙරුණේ උතුරු පළාත් දෙමළ වැසියන්ගේ ගැටලුවලට සාධාරණ විසඳුම් සෙවීම සදහායි.

විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් වැසියන්ගේ ගැටලුවලට නිසි විසඳුම් ලබා නොදෙන බැවින් මෙම කමිටුව ස්ථාපිත කළ බවයි.



 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories