වෙඩි වැදී මියගිය පුද්ගල සිරුරක් අම්බලන්ගොඩින් (ඡායාරූප)

Sunday, 10 January 2016 - 18:53

%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වෙඩි වැදුණු බවට සැක කෙරෙන නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අම්බලන්ගොඩ - මාදම්පේ - රොන්නව කැළෑබඳ ප්‍රදේශයක තිබී අම්බලන්ගොඩ පොලීසියේ නිලධාරීන් අද පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

ඒ, පුද්ගලයෙකුගෙන් ලද තොරතුරකට අනුවයි.

මියගොස් ඇති 27 හැවිරිදි පුද්ගලයා අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ පදිංචි අවිවාහකයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

පොලිසිය සැක පළකරන්නේ වෙනත් ස්ථානයකදී මෙම තරුණයා ඝාතනය කර මෙම ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇති බවටයි.

ඔහුගේ සිරුරට ඇසිඩ් දමා ඇතැයි ද සඳහන්. එමෙන්ම මළ සිරුරට වෙඩි තැබු සලකුණු ද දක්නට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.















 









ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories