කොළොන්නාවේ කීර්තිරත්න සහ නීතිඥ බෝපගේ අත්අඩංගුවට

Monday, 11 January 2016 - 8:03

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B4%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා සහ එහි සංවිධායක නීතීඥ නුවන් බෝපගේ ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අධිකරණ නියෝග කඩකිරීම සහ පහරදීමේ සිද්ධියක් මත ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරුවන්   මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව විරෝධතා පැවැත්වීම වළක්වාලමින් මීට පෙර අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණා. කෙසේ වෙතත් මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය පසුගිය දෙසැම්බර් මස 27 වන දා සත්‍යග්‍රහයක් ආරම්භ කළ අතර කොළොන්නාව නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් පැමිණ එම සත්‍යග්‍රහයේ නිරත පුද්ගලයින්ට පහර දී තිබුණා. එම අවස්ථාවේදී එහි කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා සහ නීතීඥ නුවන් බෝපගේ ඇතුලූ තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අධිකරණය නියෝග කළා.

මීතොටමුල්ල කුණු කන්ද කාලයක සිට දැඩි පීඩා ගෙන දෙන බව ප්‍රදේශවාසීන් කියයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories