ඇමරිකාව කොරියානු අර්ධද්වීපයේ 'ගේමකට' සැරසෙයි

Monday, 11 January 2016 - 8:47

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%27%E0%B6%9C%E0%B7%9A%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7%27+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොරියානු අර්ධද්වීපයට ඉහළින් ඇමරිකාව සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඇමරිකාවට අයත් බී 52 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානාවක් ඊයේ(10) කොරියානු අර්ධද්වීපයට ඉහළින් පියාසර කර ඇති බව සඳහන්.  උතුරු කොරියාවේ  ක්‍රියාකලාපය පිළිබඳව අප්‍රසාදය පළ කරමින් ඔවුන්ට අනතුරු ඇඟවීම ඇමරිකාව මෙමඟින් අපේක්ෂා කර ඇති බවයි ජාත්‍යන්තර යුද විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.  

පසුගියදා උතුරු කොරියාව ප්‍රබල න්‍යෂ්ටික අත්හදාබැලීමක් සිදුකරනු ලැබුවා. මේ හේතුවෙන් උතුරු කොරියාවේ පන්ගයිරායි ප්‍රදේශයට රික්ටර් මාපකයේ 5.1ක භූ කම්පනයක්ද ඇතිවූ බවටයි වාර්තාවුණේ.

මෙය මුලික මට්ටමේ පරමාණු බෝම්බයකට වඩා බලවත් න්‍යෂ්ටික අත්හදාබැලීමක් බව උතුරු කොරියාවද පිළිගෙන තිබුණා.

ඇමරිකාවේ විරෝධය එල්ලවීමට ආසන්නතම හේතුව වී ඇත්තේ උතුරු කොරියාවේ මෙම න්‍යෂ්ටික  අත්හදාබැලීමයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories