නාලක ගොඩහේවා ඇතුළු තුන්දෙනා යළි රිමාන්ඩ්

Monday, 11 January 2016 - 16:51

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%84%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A

2013 වසරේදී සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සිදුවූ රුපියල් ලක්ෂ 50ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් එහි හිටපු සභාපති නාලක ගොඩහේවා ඇතුළු 3 දෙනෙකු මේ මස 21 වන දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

ඒ, කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 


හිටපු සභාපතිවරයා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පසුගිය මස 7 වැනිදා පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබුවා. 

මීට පෙර මෙම වංචාව සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකුවූ ධම්මික පෙරේරා සහ පෞද්ගලික ආයතනයක ප්‍රධානියෙකු වන රොනී ඊබ්‍රාහිම් නැමැත්තා අත්අඩංගුවට ගෙන අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories