යුරෝපා සංගමයේ ඉහළ නිලධාරීන් පිරිසක් දිවයිනට

Monday, 11 January 2016 - 18:40

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
යුරෝපා කොමිසමේ සහ යුරෝපීය විදේශීය ක්‍රියාකාරි සේවාවේ නියෝජිතයින් පිරිසක් ද ඊට ඇතුළත් ජී එස් පී ප්ලස් තීරුබදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙරට බලධාරින් සමග සාකච්ඡා කිරීම සදහා යුරෝපා සංගම් නියෝජිත පිරිස ලබන 19 වනදා සිට 22 වනදා දක්වා දිවයිනේ රැදී සිටිනු ඇති.

යුරෝපා සංගම් නියෝජිත පිරිසේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ශ්‍රී ලංකා  යුරෝපා වානිජ මණ්ඩලය, ඇගලූම් අපනයන සංගමය සහ මෙරට යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය ව්‍යාපාරික සමුළුවක් ද සංවිධාන කර තිබෙනවා.

එහිදී ප්‍රධාන වශයෙන් තේමා වන්නේ ජී එස් පී ප්ලස් තීරුබදු සහනය ශ්‍රී ලංකාවට නැවත ලබා ගැනීම පිළිබදවයි.

එම සමුළුවේදී මෙරට ව්‍යාපාරික ප්‍රජාවට යුරෝපා සංගම් ප්‍රතිපත්ති සම්පාදකයන් සමග ඍජුව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් හිමිවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories