නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයින් අද මහින්ද හමුවේ

Tuesday, 12 January 2016 - 7:57

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයන් පිරිසක් අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව ද දේශපාලන ආරංචි මාර්ග සදහන් කළා.

කොළඹ දී පැවැත්වෙන මෙම හමුවට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් පිරිසක් ද සහභාගි වනු ඇති.

මේ අතර, පළාත් පාලන නියෝජිතයින් ඍජුවම ජනතාව විසින් තෝරා පත් කර ගැනීමට හැකි වන පරිදි පළාත් පාලන පනත සංශෝධනය විය යුතු බව මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු පවසනවා.

කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන නියෝජතයන්ගේ විශේෂ හමුවකින් පසුව  හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු මෙම අදහස් පළ කළා.

ඊයේ පැවැති මෙම රැස්වීමට කොළඹ දිස්ත්‍රික්කයේ සියලූ පළාත් පාලන ආයතන නියෝජනය කරමින් පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගි වුණා.

ඒ පිළිබඳ අදහස් දක්වමින් මොරටුව නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ බොහෝ පළාත් පාලන ආයතන ප්‍රධානීන් මැතිවරණ ක්‍රමය මනාප ක්‍රමයටම පැවැත්වීමට වැඩි කැමැත්තක් දැක්වූ බවයි.         


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories