ටජ් මහල නැරඹීමට ගිය ඕස්ට්‍රේලියානුවන් 5 දෙනෙකු රිය අනතුරකින් මරුට

Tuesday, 12 January 2016 - 8:32

%E0%B6%A7%E0%B6%A2%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD+%E0%B6%B1%E0%B7%90%E0%B6%BB%E0%B6%B9%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A++%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්දියාවේ අග්‍රාහි සුප්‍රකට ටජ් මහල් මන්දිරය නැරඹීමට ගිය ගමන් ගනිමින් සිටි ඉන්දියානු සම්භවයක් සහිත  ඕස්ට්‍රේලියානුවන් 5 දෙනෙකු ඊයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණා.

අන්මිකා දුත්තා නමැති 45 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ දරුවන් තුන් දෙනෙකු මෙන්ම 25 හැවිරිදි සොහොයුරියයි මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ.

ඔවුන් ගමන් ගත් මෝටර් රථයේ ටයරයක් පිපිරීමෙන් එය පෙරළීමට ලක්වී අනතුර සිදුවී ඇති අතර, මෙම කාන්තාවගේ පියා සහ සැමියා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මොවුන්  ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඞ් නුවර අවන්හලක් පවත්වාගෙන ගිය ඉන්දියානු පවුලක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories