පාන් ඇතුලු බේකරි නිෂ්පාදන රුපියල් 5 කින් ඉහළට

Tuesday, 12 January 2016 - 9:30

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%B6%E0%B7%99%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+5+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
සියලුම බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින්  ඉහළ දමා ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

සංගමයේ  සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවසුවේ නව බදු මත සියලු භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට සිදුව ඇති බවයි.

මේවන විට දිවයිනේ බේකරි හිමියන් වැඩි පිරිසක් නිශ්පාදන වල මිළ ඉහළ දමා තිබෙනවා.

කෙසේ වෙතත් ඒ පිළිබදව බේකරි හිමියන්ගේ සංගමය  පාරිභෝගික අධිකාරිය දැනුවත් කර නැහැ.

අධිකාරිය පසුගියදා පැවසුවේ දැනුම් දීමකින් තොරව බේකරි නිශ්පාදන මිළ ඉහළ දැමීමක් සිදුවුවහොත් ඊට අදාළ වැටලීම් ආරම්භ කරන බවයි.

මේ පිළිබද කල විමසීමකදී ජයවර්ධන මහතා පැවසුවේ බේකරි නිශ්පාදන සම්බන්ධයෙන් මිළ පාලනයක් මේ දක්වා නොමැති බවයිග එවැනි අවස්ථාවක වැටලීම් කල හැකි දැයි ඔහු ප්‍රශ්ණ කරනවා.

මිල ඉහළ යාමත් සමග ඒවා අලෙවි කර ගැනීමේ දැඩි දූෂ්කරතාවකට බේකරි හිමියන් මුහුණ දී සිටින බව ද එන් කේ ජයවර්ධන මහතා  ප්‍රකාශ කලා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories