විදුහල්පතිට පහරදුන් සිසුවාගේ සහෝදරයෙක් අධිකරණ භූමියේදී තර්ජනය කරයි

Tuesday, 12 January 2016 - 12:06

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7++%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ගාල්ල ලබුදුව ප්‍රදේශයේ  සහකාර විදුහල්පතිවරයෙකුට විකට් කණුවකින්  හිසට පහර දී තුවාල සිදුකල පාසැල් සිසුවා අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ආවා.

සිසුවාගේ සහෝදරයෙකු බව කියන අයෙකු ද  එම අවස්ථාවේ අධිකරණ භූමියට පැමිණ ඇත. ඔහු මාධ්‍යවේදීන්ට තර්ජනය කළ  බව අප වාර්තාකරු පවසනවා.

ඊයේ  (11) පෙරවරුවේ සිසුවාගේ පහරකෑමට ලක්වු සහකාර විදුහල්පති බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත්  කළා.

කොන්ඩය කොටට කපාගෙන පැමිනෙන ලෙසට  උපදෙස් ලබා දීම හේතුවෙන් උරන වූ  අදාළ සිදසුවා එලමෙස පහරදී ඇතැයි අනාවරණ වී තිබෙනවා.  

අක්මීමන පොලිසිය විමර්ශන  පවත්වනවා.

පහරදීමේ  සිදුවීම පිළිබඳ විදුහල්පති සහ සිසුවාහේ මව පවසන්නේ මෙවැන්නක්.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories