නිදහස් සන්ධාන හිටපු පළාත් පාලන නියෝජිතයන් මහින්ද හමුවෙයි

Tuesday, 12 January 2016 - 13:21

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ මන්ත්‍රීවරුන් පිරිසක් අද උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැදවා තිබූ බවයි.

අද උදෑසන 9ට පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මිරිහානේ පිහිටි නිවසේදී මෙම හමුව සිදුව ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේ.  

ඒකාබද්ධ විපක්ෂය වෙනම පක්ෂයක් නිර්මාණය කිරීමේ සූදානමක් පවතින බවට මේ වන විට වාර්තා පළව තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් ඉගි පළ කර ඇති අතර තවත් සමහරෙක් සදහන් කළේ එවැනි පක්ෂයක් සකස් කිරීමේ සූදානමක් නොමැති බවයි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කලේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත්පාලන මැතිවරණය සඳහා තරඟ වැදීමට නව පක්ෂයක් පිහිටුවාගැනීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories