ගාල්ලේ වෙඩි තැබීම ගැන සැකපිට තුන්දෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

Tuesday, 12 January 2016 - 13:42

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අම්බලන්ගොඩ මීටියාගොඩ සහ හික්කඩුව ප්‍රදේශවල පසුගිය දා සිදුවූ වෙඩි තැබීම් සහ ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකුගෙන් පොලීසිය මේ වන විට ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.

මොවුන් අද මීටියාගොඩ පොලිස් ස්ථානයේදී මෙලෙස ප්‍රශ්න කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පසුගිය දා අම්බලන්ගොඩ - රොන්දුව - මාලම්පේ ප්‍රදේශයේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් සොයා ගත් අතර එය කිසිවෙකු විසින් වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයෙකුගේ සිරුරක් බවයි විශ්වාස කෙරෙන්නේ.

මිය ගිය පුද්ගලයා රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ ද හිතවතෙකු බව සදහන්.

හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනයේ සැකකරුවන් එල්ල කර ගනිමින් වෙඩි තැබීමේ සිද්ධීන් කිහිපයක් පසුගිය දා වාර්තා වූ අතර එම ප්‍රහාරවලින් ජිවිත හානි සිදුවී නැහැ.

හික්කඩුව - වෑවල ප්‍රදේශයේදී පසුගිය වසරේ මාර්තු 23 වන දා රාත්‍රියේ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories