ඇඹිලිපිටිය පොලීසිය සමග ඇතිවූ ගැටුමකදී තම සැමියා ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය පිළිබද පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව එම පුද්ගලයාගේ බිරිද පවසනවා.
ඇය ප්රකාශ කළේල අදාළ සිද්ධිය පිළිබදව මීට පෙර ප්රකාශ ලබා ගැනීමේදී පොලීසියෙන් තමන්ට බලපෑම් එල්ල වූ බවයි.
මානව හිමිකම් සංවිධානයක නියෝජිතයින් පිරිසක් ඇඹිලිපිටිය සිද්ධියෙන් මිය ගිය පුද්ගලයාගේ නිවස වෙත ඊයේ පැමිණ තිබුණේ ඒ පිළිබද තොරතුරු සොයා බැලීම සදහායි.
ඇඹිලිපිටිය - මහඇල ප්රදේශයේ නිවසක පැවති සාදයකදී පොලිසිය සමග ඇති වූ ගැටුමකින් පසු උඩුමහලකින් ඇද වැටී රෝහල්ගතව සිටියදී 29 හැවිරිදි සුමිත් ප්රසන්න මිය ගියේ පසුගිය 7 වැනිදායි.
මෙම සිද්ධියත් සමඟ ඇඹිලිපිටිය නගරයේ උණුසුම් තත්ත්වයක් මතු වූ අතර ප්රදේශවාසීන් එහිදී පොලීසියට දැඩි විරෝධයක් එල්ල කළා.
පසුව ප්රදේශයේ ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අමතර පොලිස් කණ්ඩායම් ඇඹිලිපිටියට කැදවා තිබූ අතර, සිද්ධිය පදනම් කරගෙන ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 21 දෙනෙකු තාවකාලිකව ස්ථාන මාරු කෙරුණා.
මියගිය සුමිත් ප්රසන්නගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුගිය ඉරිදා සිදුකෙරුණේ ඇඹිලිපිටිය පොදු සුසාන භූමියේදීයි.
මෙම තරුණයාගේ මියයෑමත් සමඟ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයෙන් පසුව ප්රථමවරට ඊයේ පොලිස් නිලධාරීන් නගරයේ රාජකාරි සඳහා යොදවා තිබූ අයුරු දක්නට ලැබුණා.

Follow US
Most Viewed Stories