මීටියාගොඩ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට තුන්දෙනෙකු අත්අඩංගුවට

Wednesday, 13 January 2016 - 8:46

%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මීටියාගොඩ - නාවාගන්න ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු සහ ඔවුන් ඊට යොදා ගන්නා ලද ගිනි අවිය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ රංගල්ල පාලම අසළ දී මොවුන් තුන්දෙනා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරුවන් හික්කඩුව සහ ඇල්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

මොවුන් මෙම ඝාතනය සඳහා යොදා ගන්නා ලද ටී 56 ගිනි අවියට අමතරව උණ්ඩ 13ක් සහිත මැගසීනයක් සහ ඝාතනය සඳහා පැමිණි යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

මීටියාගොඩ, හික්කඩුව මංසන්ධියේදී 32 හැවිරිදි ඉන්දික තමීර මෙන්ඩිස් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ පසුගිය නොවැම්බර් මස 20 වැනිදායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories