මුම්බායි නගරයේ සෙල්ෆි තහනමක්

Wednesday, 13 January 2016 - 10:02

%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%92+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාවේ - මුම්බායි නගරයේ ස්ථාන කිහිපයක සෙල්ෆි ඡායාරූප ගැනීම තහනම් කිරීමට ඉන්දීය පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඒ මුම්බායි - භන්ද්‍රා බලකොටුව ආසන්නයේදී මිතුරන් පිරිසක් සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය තරුණියක් මුහුදට වැටීමෙන් පසු ඇය බේරා ගැනීමට ගිය පුද්ගලයකු මරණයට පත්වීමත් සමගයි.

මේ අනුව, සංචාරකයින් අතර ප්‍රචලිත මුම්බායි නගරයේ ස්ථාන කිහිපයක මෙලෙස සෙල්ෆි ඡායාරූප ගැනීම තහනම් කර ඇති බවයි ඉන්දීය වාර්තා සදහන් කළේ.

මෙම පුද්ගලයා විසින් බේරා ගැනීමට ගිය 18 හැවිරිදි තරුණියගේ සිරුර ද මෙතෙක් හමුවී නැහැ.

සෙල්ෆි ඡායාරූප ගැනීමට අවධානම් ස්ථාන 16 ක් මුම්බායි ආරක්ෂක අංශ විසින් අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ අතර සංචාරක ආකර්ෂණය වඩාත් ඉහළින් දිනාගත් ස්ථාන ද පවතින බවයි හෙළිවන්නේ.

මෙම අවධානම් ස්ථාන අතරට තවත් ස්ථාන එක්වනු ඇතැයි මුම්බායි බලධාරීන් ප්‍රකාශකර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories