ඉන්ධන අවසන් වීමෙන් හෙලිකොප්ටර් යානයක් ඇන්ටාර්ටිකාවට කඩා වැටේ

Wednesday, 13 January 2016 - 11:53

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
ඇන්ටාර්ටිකාවේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින්  ඕස්ට්‍රේලියානු ගුවන් නියමුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද උදෑසන මෙම හෙලිකොප්ටර් යානය පරීක්ෂණ චාරිකාවක් සදහා ඇන්ටාර්ටිකාවේ කඳුකර ප්‍රදේශයට ඉහළින් පියාසර කර තිබෙනවා.

එහිදී හෙලිකොප්ටර් යානයේ ඉන්ධන හදිසියේම අවසන් වීම නිසා මෙම අනතුරට මුහුණදී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

අදාළ හෙලිකොප්ටර් යානය මීටර් 20 ක තරම් උසක සිට ඇන්ටාර්ටිකාවේ අයිස් සහිත කඳුකර ප්‍රදේශය වෙත කඩා වැටී තිබෙනවා.

යානය කඩා වැටීමත් සමග එය ගිනි ගැනීමකට ලක්ව ඇති අතර ගුවන් නියමුවා ඉන් පිටතට පැමිණ තිබුණා.

කෙසේ වෙතත්, ඔහු රෝහල් ගත කිරීමෙන් පසුව මියගිය බවයි විදෙස් වාර්තා සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories