වෛද්‍ය සිසුන් පුරහල 'අල්ලයි' (ඡායාරූප)

Wednesday, 13 January 2016 - 16:44

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%84%E0%B6%BD+%27%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%27+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතා පා ගමනක්  හේතුවෙන් මේ වනවිට කොළඹ - පුරහල අවට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි ඔවුන් අද (13) දහවල් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිරිපිටින් මෙම විරෝධතාව ආරම්භ කළේ.

අනතුරුව ඔවුන් මරදාන, කොළඹ - කොටුව පසු කරමින් පැමිණි පා ගමන ලේක්හවුස් වටරවුම, කොම්පඤ්ඤවීදිය හරහා  සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ළඟාවුණා.

එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ එම සිසුන් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට රැස්වී ඇති බවයි.

මේ අතර වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතා පා ගමන ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ එම පරිශ්‍රයට ඇතුලූවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක්ද නිකුත් කළා. ඒ, කොටුව පොලීසිය මේ පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුවයි.








 










Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories