ඇඹිලිපිටිය නඩුවේ 'පොලිස් නීතීඥතුමනි' - අදත් මාධ්‍යවේදීන්ගේ පොත් ඇතුළට යයිද?

Thursday, 14 January 2016 - 8:58

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%27%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A++%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%27+-+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A++%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%3F
ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී පොලිසිය සමග ඇති වූ ගැටුමකින් පසු තරුණයෙකු මියයෑමට අදාළ නඩුව අද (14) යළි කැඳවීමට නියමිතයි. ඊයේ දිනයේදී අදාළ නඩුව ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු හමුවේ විභාගයට ගැනුනා.

ගැටුම සිදුවූ පසුගිය 4 වනදා රාත්‍රියේ ඇඹිලිපිටිය පොලීසිය දුරකථන ක්‍රියාකරු වශයෙන් කටයුතු කළ නිලධාරියාගේ සහ ගැටුම පැවති ස්ථානයට ගිය ජංගම පොලිස් කණ්ඩායමේ නිලධාරීන් දෙදෙනෙකුගෙන් සාක්ෂි විමසීම ඊයේ සිදු  කෙරුණා.

 එහිදී පොලීසිය වෙනුවෙන් නීතීඥවරයා ලෙස පෙනී සිටියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකරයි.

මේ අතර ඊයේ පැවති සාක්ෂි විමසීම සිදුවන අවස්ථාව ආවරණය කිරීමට  ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි මාධ්‍යවේදීන්ට බාධා එල්ලවී තිබුණා.  

එම ස්ථානයේ සිටි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ තමන් සතුව තිබූ සටහන් පොත් අධිකරණ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියා තම භාරයට ගත් බවයි. අනතුරුව සටහන් පොත වෙනුවට කොළයක් පමණක් මාධ්‍යවේදීන් වෙත ලබාදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් විමසීමක් තිබූ අතර එහිදී ඔහු සඳහන් කර ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් සොයා බලා නැවත එලෙස නොවන ලෙස කටයුතු කිරීමට පියවර ගන්නා බවයි.


ඊයේ  පළකළ  වීඩියෝව පහතින්



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories