මත්තලින් වී ඉවත් කිරීම ඇරඹේ

Thursday, 14 January 2016 - 14:06

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%93+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
මත්තල ගුවන් තොටුපල පරිශ්‍රය තුළ ගබඩා කර තිබූ වී මෙටි‍්‍රක් ටොන් 4054 ක ප්‍රමාණයක් ඉන් ඉවත් කිරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ වුණා.

මෙම අවස්ථාවට එක්වූ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී හැරිසන් කියා සිටියේ ඉදිරි සති කිහිපය තුළ සියලූම වී තොග මත්තල ගුවන් තොටුපලෙන් ඉවත් කර අවසන් කරන බවයි.

දිනකට ලොරි 40 ක් යොදාගනිමින් මෙම වී තොග ඉවත් කෙරෙනවා.  

අද දිනයේදී මෙටි‍්‍රක් ටොන් 40 ත් 50 ත් අතර ප්‍රමාණයක් ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍ය පී. හැරිසන් සඳහන් කළේ.

වී අලෙවි මණ්ඩලය පසුගිය වසරේ සැප්තැම්බර් මස දෙවනදා මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කිරීම ආරම්භ කිරීමත් සමඟ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවුණා.

ගොවීන්ගෙන් රුපියල් 45 ට ලබාගත් වී කිලෝවක් රුපියල් 42 ක මුදලකට අලෙවි සමාගම් වෙත ලබාදෙන බවයි ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යවරයා තවදුරටත්
සඳහන් කළේ.






































































































(ඡායාරූප - අම්බලන්තොට  අජිත් පුෂ්පකුමාර)




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories