දකුණේ අපරාධ කල්ලි පොලිස් පොතට

Thursday, 14 January 2016 - 14:03

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B6%A7
දකුණු පළාතේ විවිධ ප්‍රදේශවල තවදුරටත් ක්‍රියාත්මක වන අපරාධ කල්ලි සහ ඒවායේ සාමාජිකයන් පිළිබඳ ලේඛන ගතකිරීමේ වැඩපිළිවෙලක් පොලීසිය ආරම්භ කර තිබෙනවා.

එම කල්ලිවල ක්‍රියාකාරීත්වය වර්ධනය වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ පහසුව උදෙසා මෙම ලේඛන ගතකිරීම සිදුකරන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

විශේෂයෙන් ගාල්ල  සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ සම්බන්ධයෙන් පොලීසියේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

මේ අතර අපරාධ කල්ලිවල ක්‍රියාකාරීත්වය මර්ධනය කිරීම සඳහා දකුණු පළාතේ එක් එක් පොලිස් කොට්ඨාශවල තෝරාගත් දක්ෂ නිලධාරීන්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායමක්ද පත්කර ඇති බව සඳහන්.

ඔවුන් සිය බුද්ධි තොරතුරු ඔස්සේ අපරාධ කල්ලි සාමාජිකයන් පිළිබඳව තොරතුරු විමර්ශනය කරන බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

ඇතැම් අවස්ථාවලදී විවිධ අපරාධ සිදුකිරීම සඳහා අපරාධ කල්ලි භාවිතා කළ අවි පිළිබඳවද පරීක්ෂණ කණ්ඩායම්වල විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.

එම අවි ඔවුන් අතට පත්වූයේ කෙසේද යන්න සහ අවි අලෙවි කිරීම්වලට සම්බන්ධ පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳවත් පරීක්ෂණ සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories