පොලීසියේ තනතුරු 3276 ක් පිරවීමට යයි

Thursday, 14 January 2016 - 14:16

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+3276+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පොලිස් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවතින තනතුරු 3276 ක් පිරවීම සඳහා පොලිස් කොමිසමේ අනුමැතිය ඉල්ලා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

ඒ අනුව පොලිස් පරීක්ෂකවරු 521 ක්, කාන්තා පොලිස් පරීක්ෂකවරු 52 ක්, පොලිස් සැරයන්වරු 1861 ක්, කාන්තා පොලිස් සැරයන්වරු 567 ක් සහ පොලිස් සැරයන් රියදුරන් 275 ක් මේ යටතේ පිරවීමට නියමිතයි.

දීර්ඝ සේවා පදනමක් මත මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තවදුරටත් සඳහන් කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories