ජලය විෂවී සිසුන් 18 ක් රෝහලේ

Thursday, 14 January 2016 - 15:50

%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+18+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
කළුතර - බදුරලිය ප්‍රදේශයේ පාසලක ජලය විෂවීමක් හේතුවෙන් සිසුන් 18 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

බදුරලිය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රෝහල් ගතකළ ළමයින් අවුරුදු 5 ත්, 10 ත් අතර වයස් සීමාවේ පසුවන බවයි.

ඔවුන්ට වමනය හා ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි එම ප්‍රකාශකයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

අද (14) උදෑසන පළමු වසරට ළමයින් ඇතුළත් කර ගැනීම වෙනුවෙන් පැවති උත්සවයේදී ලබාගත් ජලය මෙලෙස විෂ වන්නට ඇති බවට දැනට සැක පළ කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories