සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කරමින් තෛපොංගල් දිනය අද සමරයි

Friday, 15 January 2016 - 7:47

%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9B%E0%B6%B4%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අස්වැන්න නෙලීමේ උත්සවය යන අරුත සහිතව තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දෙමළ ජනතාව අද (15) සමරනු ලබනවා.

සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කිරීම තෛපොංගල් උත්සවයේ අරමුණයි. කෘෂිකාර්මික ජීවිතය හා බැදුණු ජනයා අස්වනු නෙලන අවස්ථාවේ සිට සමරන මෙම උත්සවයෙන් තමන්ට උපකාර කළ හිරු, වර්ෂාව සහ ගොවි සතුන්ට කෘතවේදීත්වය පළ කරනු ලබනවා.

මෙම උත්සවයේ තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ කිරි සහ සහල් පිසීමයි.

ජාතික තෛපොංගල් උත්සවය අද යාපනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද තෛපොංගල් දිනය වෙනුවෙන් සුබපැතුම් එක්කර තිබෙනවා.

මිනිසා සහ සොබාදහම අතර චිරාත්කාලීනව පවත්නා සබඳතාවය වඩාත් ආකර්ශනීය ලෙස හා ගෞරවාන්විතව විදහා දැක්වෙන අවස්ථාවක් ලෙස තෛපොංගල් උත්සවය හැඳින්විය හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

තෛපොංගල් උත්සවය දිනයේ උතුරුවන කිරි දියර සේ මනුෂ්‍යයින් වෙත, මනුෂ්‍යයින්ගේ ආදරයද දැල්වෙන පහන් වැටි ඔස්සේ අඳුර දුරු වී සැබෑ සහජීවනයේ ආලෝකයද විහිදේවා යන්න තමන් ආශිංසනය කරන බවයි ජනාධිපතිවරයා සිය සුබ පැතුම් නිවේදනයෙන් සඳහන් කළේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද අදට යෙදී තිබෙන තෛපොංගල් දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් සඳහන් කළේ නව වසරක ඇරඹුම නව ප්‍රාර්ථනා අරමුණු ගොඩනගා ගනිමින් ජීවිතය පිළිබඳව අපේක්ෂා දල්වා ගනිමින් ඉදිරිය දකින්නට ලැබෙන වටිනා අවස්ථාවක් බවයි.

රට තුළ එකමුතුවත්, සංහිඳියාවත්, සාමයත් වර්ධනය වී නැවුම් ලෙස කිරි ඉතිරේවා යැයි තමන් ප්‍රාර්ථනා කරන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් සඳහන් කළේ.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණද තෛපොංගල් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජය ගැනීමට නොහැකි වූ අභියෝග ජය ගැනීමටත්, විසඳා ගැනීමට නොහැකි වූ අර්බුද විසඳා ගැනීමටත්, බලාපොරොත්තු අලූත් වන මොහොතක්  උදාවී ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories