ශ්‍රී ලංකාවේ බල හුවමාරුව ගැන බැන්කි මූන්ගෙන් යළි පැසසුම්

Friday, 15 January 2016 - 12:55

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD+%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%92+%E0%B6%B8%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B7%83%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
පසුගිය වසරේ පැවති මැතිවරණවලින් ශ්‍රී ලංකාවේ බල හුවමාරුව නිසිලෙස සුමට ආකාරයෙන් සිදුවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන්කී මූන් පවසනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වසරේ මුල්වරට ඊයේ (14) ආමන්ත්‍රණය කරමින් මහලේකම්වරයා මෙලෙස ශ්‍රී ලංකාව ගැන සිහිපත් කළා.

ඔහු සිය කතාව ආරම්භ කළේ 2016 වසර තිරසාර සංවර්ධනය උදෙසා ඉදිරි පියවර තැබිය යුතු වසරක් ලෙස හඳුන්වමින්.

ශ්‍රී ලංකාව මෙන්ම, නයිජීරියාව තුළ සුමට බල හුවමාරුවක් සිදුවූ අතර මියන්මාරය සහ ටියුනීසියාව පසුගිය වසරේදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග තුළින් ඉදිරියට පැමිණි බවත්, මහලේකම්වරයා සදහන් කළා.

ලොව පුරා පවතින ත්‍රස්ත තර්ජනවලට මුහුණදීම පිළිබදව අදහස් දක්වමින් මහලේකම් බෑන්කී මූන් කියා සිටියේ සාම සාධක මෙහෙයුම්වල සමීප සහයෝගිතාව මෙන්ම, කලාපීය සංවිධානවල සහ දේශීය ප්‍රජාවන්ගේ සහයෝගය ඒ සදහා වැදගත් වනු ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories