ශ්‍රී ලංකාව ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය නැවත ලබා ගැනීම සදහා සමීප වී ඇති බව විදේශ කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වෙයාර් පවසනවා.
ඒ සඳහා ශ්‍රී ලංකාව ඉටු කළ යුතුව ඇත්තේ තවත් අවශ්‍යතා කිහිපයක් පමණක් බවයි කොළඹ ඊයේ (14) පැවති ව්‍යාපාරික සමුළුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ.
ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ශ්‍රී ලංකාවට නැවත ලබා ගැනීම සදහා සහාය ලබාදෙන බවත් හියුගෝ ස්වෙයාර් වැඩිදුරටත් කියා සිටියා.
විදේශ කටයුතු පිළිබද බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍යවරයා සිය තුන්වන ශ්‍රී ලංකා චාරිකාව ආරම්භ කරමින් කියා සිටියේ සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබදව තෘප්තිමත් විය හැකි බවයි.
ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර, විවිධ ක්ෂේත්රයන්හි සහයෝගිතාව ද පසුගිය කාලය තුළ වර්ධනය වී තිබෙනවා.
මෙරට දුෂණ මර්දන සහ අල්ලස් වැළැක්වීමේ නිලධාරින්ට බ්‍රිතාන්‍ය පුහුණුව ලබාදීමට කටයුතු කෙරෙනවා.
ශ්‍රී ලංකාවේ අනාගත සාර්ථකත්වය ගොඩනැගෙන්නේ අද සවිමත් කෙරෙන සංහිඳියාව තුළින් බවයි විදේශ කටයුතු පිළිබද බ්‍රිතාන්‍ය අමාත්‍ය හියුගෝ ස්වෙයාර් වැඩිදුරටත් සදහන් කළේ.
බ්‍රිතාන්‍ය අමාත්‍යවරයා සිය ශ්‍රී ලංකා චාරිකාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ඇතුළු රජයේ නියෝජිතයන් සමග සාකච්ඡා කරන අතර මේ වනවිට යාපනයේ පැවැත්වෙන ජාතික තෛපොංගල් උත්සවය සදහා සහභාගි වීමට එහි ගොස් සිටිනවා.

Follow US
Most Viewed Stories