ඇඹිලිපිටිය තරුණයාගේ මරණය ගැන වාර්තාව 18 ට පෙර දෙන්න

Saturday, 16 January 2016 - 9:38

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+18+%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
පොලිසිය සමග ඇතිවු ගැටුමකින් පසු උඩුමහලකින් වැටී මියගිය සුමිත් ප්‍රසන්නගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශණ වාර්තාව ලබන 18 වනදාට පෙර ලබාදෙන්නැයි පොලිස්පතිවරයා දැනුම්දී තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳ විමර්ශණය කරනු ලබන්නේ සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ අධීක්ෂණය යටතේයි.

ඒ අනුව තරුණයාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශණය 18 වනදාට පෙර අවසන් කර අදාළ වාර්තාව ලබාදෙන ලෙසටයි පොලිස්පතිවරයා සී ඩී වික්‍රමරත්න මහතාට දන්වා ඇත්තේ.

මේ අතර මෙම සිද්ධියට අදාළ නඩුවේ පවුලේ සාක්ෂි විමසීමේ කටයුතුවලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර ඊයේ ප්‍රකාශ කලා.

ඔහු කියාසිටියේ මෙම සාක්ෂි විමසීම සඳහා පොලිස්පතිවරයා විසින් වෙනත් නීතිඥවරයකු පත්කර ඇති බවයි.

පසුගිය 4 වන දා ඇති වූ ගැටුමෙන් සුමිත් ප්‍රසන්න ජයවර්ධන නමැති 29 හැවිරිදි එක්දරු පියෙකු මිය යාමට අදාළ නඩුව විභාගයට ගැනෙන්නේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදියි.

නඩුවේ සාක්ෂි විමසීම පසුගිය 13 වන දා ආරම්භ වූ අතර පැමිණිලි පාර්ශවය වෙනුවෙන් සාක්ෂි විමසීම පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර විසින් සිදුකළා.

ලබන 27 වන දා නැවත නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories