රජයේ සේවකයන් නව ලක්ෂයක් වැඩමුරය අතරතුර පැය දෙකක් ජංගම දුරකථනයේ

Saturday, 16 January 2016 - 19:39

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
රාජ්‍ය සේවකයන්ගෙන් සියයට 60ක් දිනකට තම සේවා කාලයෙන් පැය 2කට වැඩි ප්‍රමාණයක් ජංගම දුරකථන භාවිත කරන බව රාජ්‍ය, පළාත් රාජ්‍ය සහ රජයේ වෘත්තීය සමිති සම්මේලනය පවසනවා. ඒ අනුව, මාසයකට පැය 40 ක කාලයක් රාජකාරි කටයුතු අතහැර මෙම රාජ්‍ය සේවකයන් ජංගම දුරකථන භාවිත කරන බවයි ඔවුන් සදහන් කරන්නේ.

සම්මේලනය සිදුකළ පොදු නියැදි පරීක්ෂණයකදී මෙම කරුණු අනාවරණය වූ බව ද රාජ්‍ය, පළාත් රාජ්‍ය සහ රජයේ වෘත්තීය සමිති සම්මේලනය වැඩිදුරටත් ප්‍රකාශ කළා. මෙම තත්ත්වය හේතුවෙන් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව බිඳ වැටී ඇති බව සඳහන් කරන එම වෘත්තීය සමිති සම්මේලනය අදාළ තත්ත්වය පිළිබදව ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට සහ විෂය භාර අමාත්‍යවරුන්ට ලිඛිත දැනුම්දීමක් ද සිදුකර තිබෙනවා.

 
ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ රජයේ කාර්යාල තුළ ජංගම දුරකථන භාවිතය පිළිබදව දැඩි උපදෙස් මාලාවක් නිකුත් කරන ලෙසයි.

මහජන දිනවලදී පවා බොහෝ රාජ්‍ය සේවකයන් තම රාජකාරිය පසෙක තබා ජංගම දුරකථන මගින් ඇමතුම් ලබාගෙන තම පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගන්නා බව රාජ්‍ය, පළාත් රාජ්‍ය සහ රජයේ වෘත්තීය සමිති සම්මේලනය යොමුකළ ලිපියෙහි සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories