භික්ෂු කථිකාවත ගැන පනත් කෙටුම්පත යළි මහනාහිමිවරුන්ට

Sunday, 17 January 2016 - 13:18

%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94+%E0%B6%9A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7
ථේරවාදී භික්ෂු කථිකාවත් සම්පාදනය කර ලියාපදිංචි කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත  නැවත සංශෝධනට ලක් කර මහනායක හිමිවරුන්ට පිළිගන්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රපේම ගමගේ පවසනවා.

අදාළ පනත් කෙටුම්පත පසුගිය දා ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එය මේ වන විට භික්ෂු සමාජයේ මෙන්ම දේශපාලන වේදිකාවේ ද දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

කෝට්ටේ සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය,අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් කොළඹ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ මෙවැනි කෙටුම්පතක් භික්ෂු සමාජයට අවශ්‍ය වුවත් එය වගකිව යුතු ස්වාමීන් වහන්සේලාගෙන් විමසීමකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වරදක් බවයි.

පැවිදි හඬ සංවිධානය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවේදී රාවණා බලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කියා සිටියේ මෙම පනත් කෙටුම්පත භික්ෂූන් මර්දනය සඳහා යොදා ගන්නා උපක්‍රමශීලී ක්‍රියාවලියක් බවයි.

කෙසේ වෙතත්, බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් චන්ද්‍රපේම ගමගේ කියා සිටියේ මෙම පනත් කෙටුම්පතට මහනායක හිමිවරුන්ට ඉදිරිපත් කර උන්වහන්සේලාගේ සංශෝධන සහිතව පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි.

අදාළ කෙටුම්පතට තවදුරටත් සංශෝධන ඉදිරිපත් කළ හැකි බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

මේ අතර, පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පූජ්‍ය පක්ෂයට අදාළ ගැටළු විසදා ගැනීමට පූජ්‍ය පක්ෂයටම අවස්ථාව ලබාදිය යුතු බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories