දුම්වැටි ඉල්ලා මාතලේ - වරකාමුර ගැටුමකින් 8 දෙනෙකු රෝහලේ

Sunday, 17 January 2016 - 13:54

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+-+%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
මාතලේ - වරකාමුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා මාතලේ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඊයේ රාත්‍රී 11ට පමණ වරකාමුර ප්‍රදේශයේ වෙළදසැලකට පැමිණි පිරිසක් වෙළදසැල් හිමියාගෙන් දුම්වැටි ඉල්ලා තිබෙනවා.

එහිදී වෙළදසැල් හිමියා පවසා ඇත්තේ වෙළදසැල තුළ දුම්වැටි නොමැති බවයි.

එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් වෙළදසැලට පැමිණි පිරිස සහ වෙළදසැලේ සිටි පිරිස අතර ගැටුමක් ඇති වී තිබෙනවා.

මෙහිදී සිදුවූ පහරදීම්වලින් මෙම පිරිස තුවාල ලබා ඇති බවයි මාතලේ පොලීසිය සඳහන් කළේ. තුවාල ලැබූවන් මාතලේ ප්‍රදේශයේම පදිංචිකරුවන් වනවා.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories