දෙමටගොඩ - මවුන්ට්මේරි ප්රදේශයේ කහ ඉරක් මතදී මවකට සහ දියණියකට මරු කැඳවූ රිය අනතුර සිදුකළ බවට සැක කෙරෙන 15 හැවිරිදි පාසල් සිසුවා මේ මස 29 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා.
එසේම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ මව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේ.
ඊයේ රාත්රී 8 යි 50ට පමණ බේස්ලයින් මාර්ගයේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ පාර මාරුවීමට ගිය 47 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ දස හැවිරිදි කුඩා දියණියයි.
ඔවුන් බොරැල්ල ප්රදේශයේ පදිංචිව සිටි අයයි.

Follow US
Most Viewed Stories