නව ව්‍යවස්ථා පසු ඡන්දයක් ඉල්ලයි

Sunday, 17 January 2016 - 18:04

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
නව ව්‍යවස්ථාව සැකසීමෙන් පසු ඒ යටතේ අලූත් ආණ්ඩුවක් පත්කරගැනීම සඳහා ඡන්දයක් පැවැත්වීම සුදුසු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ඔහු සඳහන් කරන්නේ නව ව්‍යවස්ථාවක් සැකසීම යනු රටේ මුළු අනාගතයම වෙනස් කරන ක්‍රියාවලියක් බවයි.

එම නිසා ඊට ජනතා සහභාගීත්වය උපරිම මට්ටමෙන් ලැබිය යුතු බව ඔහු කියා සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම අදහස් පළ කළේ නාරාහේන්පිට අභයාරාමයේ පැවති රැස්වීමකදියි.

නව ව්‍යවස්ථාවේ මූලික පරමාර්ථය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම බව සිහිපත් කරන හිටපු ජනාධිපතිවරයා ඒ සඳහා සියලූදෙනා සහය ලබාදිය යුතු බවයි ප්‍රකාශ කරන්නේ.

විධායක ජනාධිපති ධුරය ඇතිකළ එක්සත් ජාතික පක්ෂයම එය අහෝසි කිරීමට ව්‍යවස්ථා සංශෝධන ගෙන එද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඊට එරෙහි විය නොහැකි බව ඔහුගේ අදහසයි.

එසේම නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම අදියර  දෙකකට සිදුකළ යුතු බවද ඔහු කරන තවත් යෝජනාවක්.

ජනමත විචාරණයක් අවශ්‍ය වන කාරණා පළමුව සිදුකර අනෙකුත් සංශෝධන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් වෙනස් කළ හැකි බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ.

එසේම නව ව්‍යවස්ථාවේ බලතල බෙදීම 13 වන සංශෝධනයේ වගන්තිවලින් ඔබ්බට නොයා යුතු බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories