ඇඹිලිපිටිය තරුණයාගේ බිරිඳ ආරක්ෂාව ඉල්ලයි

Monday, 18 January 2016 - 7:52

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී පොලිසිය සමඟ ඇතිවු ගැටුමකදී මියගිය තරුණයාගේ බිරිඳ වන ශෂිකා නිෂාමනී තමන්ට ආරක්ෂාවක් නොමැති බවට චෝදනා කරනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඇය කියා සිටියේ සිය සැමියා මියගිය ස්ථානයේ සාක්ෂි ආරක්ෂා කිරීමට මේ වනතෙක් පොලීසිය කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සාක්ෂි ලබාගත් පුද්ගලයන් ගැන ගැටළු පවතින බවට මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරනවා. සාදය පැවති නිවසේ හිමිකාරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මීට පෙර පොලීසිය සාක්ෂි ලබාගත් පුද්ගලයන් අතර සිටි එක් අයෙකු එදින සාදය සඳහා ආරාධනා කර නොතිබුණු තැනැත්තෙකු බවයි.

ඇඹිලිපිටිය මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර පොලීසිය සහ එම පිරිස අතර ගැටුමක් හටගත්තේ පසුගිය 4 වනදායි. එහිදී තුවාල ලැබූ 29 හැවිරිදි සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගොඩනැගිල්ලකින් බිමට වැටී රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories