නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ජනතා අදහස් විමසීම අද සිට

Monday, 18 January 2016 - 8:07

%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද (18)  ආරම්භ වනවා. ඒ කොළඹ - විසුම්පායේ පිහිටි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු ලේකම් කාර්යාලයේදීයි.



දුරකථනයෙන්, ෆැක්ස් මාර්ගයෙන් සහ විද්‍යුත් තැපෑල ඔස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාවට සිය අදහස් ඉදිරිපත් කළ හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ඒ අනුව,
0112 437 676 දුරකථනයෙන් හෝ

0112 328 780 ෆැක්ස් අංකයෙන්

මහජනතාවට සිය අදහස් ඉදිරිපත් කළ හැකියි.


ව්‍යවස්ථාදායක සභාවක් ඇති කිරීමේ යෝජනාවට අනුකූලව අවශ්‍ය තරම් සංශෝධන ඉදිරිපත් කරන ලෙසත්, එම සංශෝධන පිළිගැනීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  පවසනවා.  ඊයේ (17) විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ අදහස් විමසීමකින් තොරව ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට තමන් සූදානම් නොමැති බවයි.

ව්‍යවස්ථා සංශෝධනයට සම්බන්ධ කරුණු පිළිබඳ පැහැදිලි කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේදී මෙම විශේෂ ප්‍රකාශය  සිදුකළා.

"......මේ ව්‍යවස්ථාව සකස් කරද්දී පාර්ලිමේන්තුවේ සියලු දෙනාම සම්බන්ධ කර ගන්න උවමනයි.. කවුරුහරි කියනවා නම් 225 හොද නැහැ... 25 - 30 ක් හොදයි කියලා මම අහන්නම් මොකක්ද හේතුව කියලා.... තේරුම් කාරක සභා සාර්ථක වෙලා නැහැ... කාරක සභා පත් කරන්න ස්ථාවර නියෝගවල ඉඩ නැහැ... අපි යෝජනාවක් ගෙනාවා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ඉදිරිපත් කරන්න... ඊට ඉස්සෙල්ලා මහජන අදහස් ගන්න ඕන හින්දා කොමිටියක් පත් කරන්න.... සංශෝධනවලට අපි ලෑස්තියි.... මුලික වශයෙන් ව්‍යවස්ථාදායක සභාවක් ඇති කිරීමේ යෝජනාවට අනුකූලව ඕන තරම් සංශෝධන දෙන්න කියලා... ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සංශෝධන ලබලා දුන්නා... තුනෙන් දෙකක් ලෑස්තිනම්  කෙළින්ම කැබිනට් එකකට දාලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරගෙන අපි ජනමත විචාරණයක් ඉල්ලගෙන ක්‍රියා කරනවා.... දැන් මේක කරන්න බැහැ කියලා විශාල ව්‍යාපාරයක් මාධ්‍යයෙන් ගෙනියනවා... ඉස්සරහට දාලා තියෙන්නේ ජී.එල්. පිරිස් අපේ හිටපු ඇමතිතුමා... මම අහනවා කවුද දේවදත්තයා ගේන්නේ බුදුගුණ ගායනා කරන්න... ලෝකයේ පළවෙනි වතාවට සෝෂල් මීඩියා එකත් පාවිච්චි කරගෙන ගෙනියන ව්‍යවස්ථා සකස් කිරීම මෙහෙයි කරන්නේ කියලා මම කියනවා.... විසුම්පාය භාරදුන්නා මේ කොමිටියේ වැඩකටයුතු කරන්න... වැඩිහිටි අපි වාගේ අය ඉන්නවා පෙත්සම් ලියන... ඒ අයට තමයි අර කොහු මිටිය වටේ ගිහින් කතා කරන්න... අනෙක් අයට පුළුවන් ෆැක්ස් කරන්න... ට්විට් කරන්න ඕන එකක් කරන්න පුළුවන්.... අපි මුළු රටම එකතු කරගෙන යමු... මමනම් ලෑස්ති නැහැ ජුන්ටාවකට වෙලා කාමරයක් වහගෙන ඕක කරන්න....."






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories