ඉරානයට ඇමරිකාවෙන් ඇමක්

Monday, 18 January 2016 - 8:18

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉරානයට පනවා තිබූ සම්බාධක ඉවත් කර පැය 24 ක් ගතවීමට පෙර යළිත් වරක් ඇමරිකාව එරට සමාගම් සහ පුද්ගලයින් කිහිප දෙනෙකුට සම්බාධක පනවා තිබෙනවා. ඒ, පසුගිය ඔක්තෝබරයේ බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමේ සිද්ධියක් මුල් කරගනිමින්.

මෙය ඉරානය විසින් එළැඹි න්‍යෂ්ටික ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමක් බව ඇමරිකාව පවසනවා.

ඉරානය න්‍යෂ්ටික ගිවිසුමේ කොන්දේසිවලට අනුගතව ඇති බවට අන්තර්ජාතික පරමාණුක බලශක්ති අධිකාරිය ලබාදුන් වාර්තාවකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය සහ ඇමරිකාව එක්ව ඔවුන්ට පනවා තිබූ සම්බාධක ඊයේ ඉවත් කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories