භික්ෂු කථිකාවත හදිසි පනතක් ලෙස සම්මත නොකිරීමට රජය තීරණය කරයි

Monday, 18 January 2016 - 9:05

%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94+%E0%B6%9A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
භික්ෂු කතිකාවත හදිසි පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවේදී සම්මත කර නොගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

අදාළ පනත් කෙටුම්පත සම්මත කරන්නේ මහා සංඝ රත්නයේ ආශිර්වාදය මත බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

 ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ප්‍රථම වරට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) ජනාධිපති නිල නිවසේදි රැස්වුණා.

ඊට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ යහපත් රාජ්‍යකරණයක් මත ගොඩනැගුණු ශ්‍රී ලංකාවක් බිහිකිරීම උදෙසා ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය රැස්වූ බවයි.

භික්ෂුව සහ භික්ෂුවගේ කාර්යභාරය සවිබලගැන්වීම, හිමිවරුන්ට අදාළ උරුමය සහ ඥාණය ප්‍රතිසන්ධානය කිරීම මෙන්ම බෞද්ධයාගේ භූමිකාව ගොඩනැගීම ආදී කරුණු ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය මගින් සිදු කෙරෙනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories