මත්තල අදුරු වෙයි

Monday, 18 January 2016 - 14:51

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මත්තල ගුවන්තොටුපලට ගමන් ගන්නා මාර්ගය භූගත විදුලි රැහැන් පද්ධතියේ කොටස් කැබලි කරගෙන ගොස් ඇති බවට ඊයේ පැවති හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණ වුණා.

මේ නිසා මත්තල ගුවන්තොටුපල ප්‍රදේශයේ මාර්ගවල රාත්‍රී කාලයේදී වීථි ලාම්පු අක්‍රියව පවතින බවයි එහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය ඉංජිනේරුවරයා සඳහන් කළේ.

මෙම මාර්ගයේ ලක්ෂ 15 ක පමණ වටිනා භූගත විදුලි රැහැන් සොරුන් කපාගෙන ගොස් ඇති බවට ඔහු එහිදී සදහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසයි හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම් දුන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories