පළාත්පාලන මැතිවරණය අනිවාර්යෙන්ම කොට්ඨාශ ක්‍රමයට

Tuesday, 19 January 2016 - 12:48

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7
ඉදිරි පළාත්පාලන මැතිවරණය නියත වශයෙන්ම කොට්ඨාශ ක්‍රමයට පවතින බව පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා ප්‍රකාශ කළා.

ඒ සඳහා අධිකරණය ඉදිරියේ අභියෝග කිරීමේ කාලවිරාමය දැන් අවසන් වී ඇති බවයි සිය අමාත්‍යාංශයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට  එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

අප්‍රේල් මාසයේ සීමා නිර්ණ කටයුතු අවසන් කිරීමෙන් පසු ලබන ජුනි මාසයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදහස් කරන බව ද අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළා.

සීමානිර්ණ සම්බන්ධයෙන් වන අභියාචනා අවසන් වන තුරු ඡන්දය කැදවීම ගැටළුසහගත බවයි ඔහු එහිදී කියා සිටියේ. 

එම මාධ්‍ය හමුවට එක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ සමානුපාතික ක්‍රමයට මැතිවරණය පවත්වන්න යැයි යෝජනා කරන්නේ දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන පුද්ගලයින් බවයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories