ඇමති එම් කේ ඩී එස් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

Tuesday, 19 January 2016 - 14:48

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9A+%E0%B6%A9%E0%B7%93+%E0%B6%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අමාත්‍ය එම් කේ ඩී එස් ගුණවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි අද දහවල් අමාත්‍යවරයා අභාවප්‍රාප්ත වී ඇත්තේ.

මියයන විට එම් කේ ඩී එස් ගුණවර්ධන මහතා 69 වන වියෙහි පසුවුනා.

ඔහුට පසුගිය දා පාර්ලිමේන්තුවේ මාස 3 ක නිවාඩු අනුමත කෙරුනේ ද රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීම හමුවේයි.

කලක් රෝගාතුරව සිටි අමාත්‍යවරයා මීට පෙර විදේශගතව ද ප්‍රතිකාර ලබා ගත්තා.

අද යළි හදිසියේ අසනීප වී ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණේ අසාධ්‍ය තත්ත්වයෙන්.

එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අමාත්‍යවරයා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා.

1947 මාර්තු 6 වන දා ගම්පහ දී උපත ලද අමාත්‍ය එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධනගේ සම්පූර්ණ නම මුණසිංහ කාරියවසම් අප්පුහාමිලාගේ දොන් සෝමදාස ගුණවර්ධනයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකු වන, සේරුවිල ආසනයේ සංවිධායකවරයා ද වූ ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහාය ලබාදීමට ඉදිරිපත් වන්නේ නොවැම්බර් 21 වන දා පැවැති පොදු අපේක්ෂකයාගේ පළමු මාධ්‍ය හමුවට ද කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එක්වෙමින්.

පසුගිය මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට එක්වූ අමාත්‍ය එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන මෙවර මැතිසබයට තේරී පත්වුණේ ජාතික ලැයිස්තුවෙන්.

මීට පෙර බුද්ධ ශාසන සහ ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද ඔහු කටයුතු කළා.

අමාත්‍ය එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන පාවහන් භාවිත නොකරන පුද්ගලයෙකු ලෙසයි ප්‍රචලිතව සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories