මතින් තොර රටකට ජනපතිගේ ප්‍රතිඥාව

Wednesday, 20 January 2016 - 7:05

%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B7%8F%E0%B7%80
මත්ද්‍රව්‍ය සහ දුම්වැටි මගින්  රජයට ලැබෙන බදු ආදායම නොසලකා එම ව්‍යසනයෙන් ජනතාව මුදා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පවසනවා. මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සමාප්ති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.  

‘මතින් නිදහස් රටක්‘  වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ වැඩසටහන් මාලාවේ සමාප්තිය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පැවැත්වුණේ මහරගම ජාතික තරුණ සේවා සභාවේදී.

එහිදී රැස්ව සිටි පිරිස සමග එක්ව ජනාධිපතිවරයා ද මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිඥාව ලබාදුන්නා

අනතුරුව සභාව ඇමතූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මෙරට නීත්‍යනුකූල මත්පැන් සහ දුම්වැටි පරිභෝජන වියදම ජාතික ආදායමෙන් තුනෙන් දෙකකටත් වැඩි බවයි

"......අපි මේ සටන කරන්නේ එක් පැත්තකින් නීත්‍යනුකූල අවසරයක් දීපු දෙයකට.... එක් පැත්තකින් නීති විරෝධී ලෙස නම් කරන ලද මත්ද්‍රව්‍ය රාශියක් පිළිබඳව.... නීති විරෝධී වේවා නීත්‍යනුකූළ වේවා මත්ද්‍රව්‍ය නම් මත්ද්‍රව්‍යයි.... අපේ වාර්ෂික අය වැය හිගය පියවා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය වලින් බදු බිලියන 115 - 120 ක් පමණ ප්‍රමාණයක් රජයට ලැබෙනවා.... අපි රජයක් විදිහට ඉලක්ක කළ යුත්තේ ඒ පිළිබඳව අවධානය යොමු කිරීම නොව සමාජයේ බරපතල උවදුරක්ව තිබෙන මේ තත්ත්වයෙන් මුළු මහත් සමාජය බේරා ගැනීම සඳහා....."



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories