'නිදහස් පක්ෂය දෙකඩ කරන්නන් මෙන්න' : හිටපු ඇමතිගෙන් හෙළිදරව්වක්

Wednesday, 20 January 2016 - 7:56

%27%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%A9+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%27+%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්නන් පිරිසක් පිළිබඳව හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න හෙළිදරව්වක් සිදුකළා. ඔහු මෙම හෙළිදරව්ව සිදුකරනු ලැබුවේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිළි කිරීම සඳහා කොළඹ  ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අතාවුද සෙනෙවිරත්න හිටපු අමාත්‍යවරයාට අනුව විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රිවරුන් නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ උත්සාහයේ යෙදී සිටින බව  හෙළිවුණා.

මෙම මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය සමඟ රහසිගතව කටයුතු කරමින් ඇතැම් පිරිස් නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ ඞීල් එකක කටයුතු කරන බවයි. මෙහිදී ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න අමාත්‍යවරයා සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර නොයනු ඇති බවට විශ්වාස කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories