20ක බිරිඳ කපා 7ක දැරියක් බිරිඳ කරගෙන

Wednesday, 20 January 2016 - 13:20

20%E0%B6%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3++%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F+7%E0%B6%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1
සිය බිරිඳගේ නාසය කපා දමා - හත් හැවිරිදි දැරියක් බිරිඳ කර ගත් පුද්ගලයෙක් පිළිබඳ ඇෆ්ගනිස්ථානයෙන් වාර්තාවෙයි. තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ව ඇත්තේ  20 හැවිරිදි රේසා ගුල් (Reza Gul) නම් එක්  දරු මවකි. දරුණු ලෙස කැපුම් තුවාල ලබා ලේ ගලමින්  සිටි ඇය රෝහල් ගත කර තිබේ.

මොහොමඩ් ඛාන් (Mohammad Khan) නම් සැකකාර ස්වාමියා රේසා ගුල් -  බිරිය කර ගෙන ඇත්තේ ඇය 15වන වියේ සිටියදීය. ඇය පදිංචිව  සිට ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ වයඹදිග පළාතේ  Faryab නම් ප්‍රදේශයේයි.  

මොහොමඩ් ඛාන්  ඉරානයට ගොස් සිට පැමිණ ඇත. නිවසට පැමිණි වහා බිරිඳ සමග බහින්බස් වී ඇති බවද   පැවසෙයි. බිරිඳට ප්‍රහාරය එල්ල කර ඇත්තේ පසුගිය ඉරිදාය.  

සිද්ධිය පිළිබඳ විමර්ශන වාර්තාවක දැක්වෙන්නේ සැකකරු  හත් හැවිරිදි ළදැරියක ද  බිරිඳ කරගෙන ඇති බවයි.














Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories