රජයේ සේවකයන්ට 2500 දෙන්න ආණ්ඩුව කල් ඉල්ලයි

Wednesday, 20 January 2016 - 13:30

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+2500+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුපට ජනවාරි මාසයේදී එක් කරන බවට ප්‍රකාශ කළ රුපියල් 2500 නියමිත පරිදි ලබාදීම සඳහා යම් කාලයක් ගතවණු ඇතැයි රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළා.

අදාල මුදල ජනවාරි මාසයේ සිට රජයේ සේවකයන්ගේ වැටුපට එකතු කරන බවට රජය ප්‍රකාශ කළත් එය මේ දක්වා ඉටු වී නොමැති බවයි රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු සමන් රත්නප්‍රි හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ මේ සඳහා ලිපි ලේඛණ සකස් කිරීමට කාලයක් ගතවන නමුත් කඩිනමින් අදාල මුදල මූලික වැටුපට එකතු කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories