මීටියාගොඩ තවත් ඝාතනයක් (ඡායාරූප)

Thursday, 21 January 2016 - 7:49

%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මීටියාගොඩ - බේරතුඩුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු මුගුරකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලීසිය පැවසුවේ මානසික රෝගී පුද්ගලයෙකු විසින් ඊයේ (20) මෙම පහරදීම සිදුකර ඇති බවයි. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 42ක බේරතුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙක්. කෙසේ වෙතත්, මානසික ආබාධයෙන් පෙළෙන පුද්ගලයා ඔහුගේ ඥාතීන් විසින් අංගොඩ මානසික රෝහලට රැගෙන ගොස් තිබෙනවා.  

ඊයේ පස්වරුවේ  මුගුරකින් කළ  පහරදීමෙන් දෙදෙනකු  බරපතල තුවාල ලැබුවා. ඔවුන් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබියදී නීල් දසනායක නැමැත්තා මියගොස් ඇත.

ඒ.ජි. ජිනදාස නැමති අය කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහු 60  හැවිරිදි විවාහක බේකරි හිමිකරැවෙක්.

මානසික ආබාධයක් ඇති බව පැවසෙන අය එම ප්‍ර‍දේශයේම පදිංචි  29 හැවිරිදි දෙදරු  පියෙක් බව සඳහන්.







(ඡායාරූප -  හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල් / රත්ගම රොෂාන් පියතිලක)


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories