ප්‍රධාන පාසල් කිහිපයක 5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු සංශෝධනය කෙරෙයි

Thursday, 21 January 2016 - 15:38

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+5+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9A%E0%B6%A9%E0%B6%89%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ප්‍රධාන පාසල් කිහිපයක පහේ ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු සංශෝධනය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කලේ කොළඹ රාජකීය විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියට අතිරේක පන්තියක් ආරම්භ කිරීමේ හේතුව මත කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි පාසල් වලට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමත් දරුවන් ඇතුළත් කරගැනීමේ කඩඉම් ලකුණ සංශෝධනය කෙරුණු බවයි.

ඒ අනුව අදාළ කඩඉම් ලකුණු මට්ටම්වල සිටින දරුවන් පාසල් වෙත යොමුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිටත් කටයුතු යොදා අවසන්.

කොළඹ රාජකීය විද්‍යාලයේ මීට පෙර කඩඉම් ලකුණු වශයෙන් 184 ක් පැවති අතර සංශෝධිත නව කඩඉම් ලකුණ වන්නේ 183ක්.

කොළඹ ආනන්ද විද්‍යාලයේ නව කඩඉම් ලකුණ 180 ක් වන අතර නාලන්ද විද්‍යාලය 178ක්ද ඞී.එස්. සේනානායක විද්‍යාලය 176 ක්ද වනවා.

එමෙන්ම කොළඹ - ඉසිපතන විද්‍යාලයේ නව කඩඉම් ලකුණ 173 වන අතර තර්ස්ටන් විද්‍යාලය 171 සහ මහානාම විද්‍යාලයේ නව කඩඉම්  ලකුණ 169 ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

ඊට අමතරව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සංශෝධිත කඩඉම් ලකුණ ලෙස 172  නම් කර තිබෙනවා.

මෙම පාසල්වලට අමතරව වෙනත් කිිිිසිදු පාසලක කඩඉම් ලකුණු වෙනස් කර නොමැති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories