ලංකා ගුරු සංගමය මානව හිමිකම් කොමිසමට

Friday, 22 January 2016 - 12:53

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
පසුගිය වසරේ පැවති පහ ශේ‍්‍රණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව කොළඹ ප්‍රධාන පාසල් 08 ක ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු සංශෝධනය කිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය අද (22) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් භාර දුන්නා.

පැමිණිල්ල භාරදීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වු එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ පාසල් 08 ක පමණක් කඩඉම් ලකුණු සංශෝධනය කිරීමෙන් සිසුන්ට අසාධාරණයක් සිදුවන බවයි.

කොළඹ රාජකීය - ආනන්ද- නාලන්ද - ඞී එස්  සේනානායක - ඉසිපතන - තර්ස්ටන් - මහානාම සහ පන්නිපිටිය ධර්මපාල යන විදුහල්වලට ශිෂ්‍යත්වය සමත් සිසුන් ඇතුළත් කර ගැනීමේදී පැවති කඩඉම් ලකුණ  ලකුණකින් අඩු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා.

ඊට හේතුව ලෙස දක්වා තිබුණේ කොළඹ රාජකීය විද්‍යාලයේ 06 වන ශ්‍රේණිය සඳහා අතිරේක පන්තියක් ආරම්භ කිරීමයි.

කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කළේ කඩඉම් ලකුණු මෙලෙස අඩු කිරීමේ විද්‍යාත්මක පදනමක් නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories