විදේශීය විනිසුරුවන් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ

Friday, 22 January 2016 - 13:12

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ශ්‍රී ලංකාවට එල්ල වී ඇති මානව හිමිකම් චෝදනා විභාග කිරීමේ ක්‍රියාවලියට විදේශීය විනිසුරුවරුන් හෝ විශේෂඥයන් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ බී බී සී සංදේශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පැමිණි හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකුට නිදහස ලබාදීමට හේතු පිළිබදව මෙහිදී බී බී සී මාධ්‍යවේදීයා ජනාධිපතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළා.

ඊට පිලිතුරු දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කළේ තමා බෞද්ධයෙකු ලෙසත් සාමය ඇගයීම සදහා එල් ටී ටී ඊ සැකකරුට නිදහස ලබාදුන් බවයි.  

උතුරේ ඉඩම් සහ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි ඉඩම් දෙමළ ජනතාවට ලබාදීමේ ක්‍රියාවලියක රජය නිරතව සිටින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories