අච්චුවේලි ප්‍රදේශයේ සුළු භූ චලනයක් (ඡායාරූප )

Saturday, 23 January 2016 - 11:27

%E0%B6%85%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B7%E0%B7%96+%E0%B6%A0%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%29
යාපනය - අච්චුවේලි - නවගිරි ප්‍රදේශයේ අද උදෑසන සුළු භූ චලනයක් ඇති වී තිබෙනවා.

එය පොළොව මට්ටම ආසන්නයේ හුණුගල් ස්ථරවල ඇති වූ දෙදරීමක් ලෙස හැදින්විය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

කෙසේ නමුත්, ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම චලනය හේතුවෙන් ඇතැම් නිවාසවල ඉරි තැලීම් දක්නට ලැබෙන බවයි.

යාපනය දිස්ත්‍රික් කාලගුණ විද්‍යාඥ එස්.කේ ලෝගේෂ්වරන් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීමේ කාර්යාංශය දැනුවත් කළ බවයි.

හිරු ප්‍රවෘත්ති අංශය භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීමේ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් බර්නාඞ් ප්‍රේමගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කලේ භූ කම්පන මානවල එවැනි තත්ත්වයක් පැහැදිලිව සටහන්ව නොමැති බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පරීක්ෂණ කණ්ඩායමක් යොමුකරන බව ද ඔහු කියා සිටියා.





























ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories