එම් ශරීෆ් තවුෆික්ට පාර්ලිමේන්තු වරම්

Saturday, 23 January 2016 - 12:08

%E0%B6%91%E0%B6%B8%E0%B7%8A+%E0%B7%81%E0%B6%BB%E0%B7%93%E0%B7%86%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B7%94%E0%B7%86%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A
මුස්ලිම් කොංග්‍රසයේ ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හෆීස්ගෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නව මන්ත්‍රීවරයෙකු එක්සත් ජාතික පක්ෂය විසින් නම් කර තිබෙනවා.

ඒ අනුව මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ශරීෆ් තවුෆීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉදිරියේදී දිවුරුම් දෙනු ඇති.

ඊට අදාළව ඔහුගේ නම එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් විසින් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර තිබෙනවා.

පසුගියදා ඒ ආර් ඒ හෆීස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත භාරදී තිබුනා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජිතයකු වන ඒ ආර් ඒ හෆීස් පාර්ලිමේන්තුවට පත්වුයේ එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තුවෙනුයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories