ඇඹිලිපිටිය සිද්ධිය ගැන පරීක්ෂණ CIDයට

Saturday, 23 January 2016 - 14:15

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+CID%E0%B6%BA%E0%B6%A7
ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නීතිපති උපදෙස් ලැබී තිබෙනවා.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මේ වනවිට ඇඹිලිපිටිය බලා පිටත්ව ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ නිවසක පැවැති සාදයකදී පොලීසිය සමඟ ඇති වූ ගැටුමකින් තරුණයෙකු මිය යාමේ සිද්ධියට අදාළව සාක්ෂි විමසීමේදී මාධ්‍යවේදීන්ට එල්ල වූ බාධා කිරීම්වලට විරෝධය පළ කරමින් අද ඇඹිලිපිටිය නගරයේදී විරෝධතාවක් ද පැවැත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories