පල්ලම ප්‍රදේශයේ 17 හැවිරිදි දැරියක් ගෙළ වැළලාගෙන මියයයි

Saturday, 23 January 2016 - 14:17

%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+17+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හලාවත - පල්ලම - විල්පත ප්‍රදේශයේ 17 හැවිරිදි දැරියක් ඊයේ ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.

පල්ලම පොලිසිය සදහන් කළේ ඇගේ සිරුර මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සදහා හලාවත මූලික රෝහල වෙත යොමුකර ඇති බවයි.

ඇය සිය නිවසෙන් වෙන්ව තම ස්වාමි පුරුෂයා යැයි කියන තවත් පුද්ගලයෙකු සමග අවුරුදු දෙකකට වැඩි කාලයක සිට හලාවත - පල්ලම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට තිබෙනවා.

ඇගේ සිරුර ඊයේ හමුව ඇත්තේ එම නිවසේ තිබියදීයි.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිසිය සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories